Friday, August 25, 2017

CPR TRANING CENTER: ස්මාර්ට් දුරකථනයේ ඇති ප්‍රධාන සංවේදක හඳුනාගනිමු

CPR TRANING CENTER: ස්මාර්ට් දුරකථනයේ ඇති ප්‍රධාන සංවේදක හඳුනාගනිමු: අලුතෙන් දුරකථනයක් ගන්නට ගියා ම ඔබ දැක ඇති සංවේදක ලැයිස්තුව යටතේ නානාප්‍රකාර ඉංග්‍රීසි වචන ගොන්නක් තිබෙන ආකාරය. ඉතින් මේ තියෙන දේවල්වලින්...

ස්මාර්ට් දුරකථනයේ ඇති ප්‍රධාන සංවේදක හඳුනාගනිමු

අලුතෙන් දුරකථනයක් ගන්නට ගියා ම ඔබ දැක ඇති සංවේදක ලැයිස්තුව යටතේ නානාප්‍රකාර ඉංග්‍රීසි වචන ගොන්නක් තිබෙන ආකාරය. ඉතින් මේ තියෙන දේවල්වලින් අපි ප්‍රයෝජනයක් ගන්නවා ද නැද්ද කියලාවත් දැනගන්නට නම් ඒවා ගැන දැනගෙන සිටීම අත්‍යාවශ්‍ය වෙනවා. ඇතැම්විට දුරකථනයට මේ තරම් දස්කම් රැසක් ලැබී තිබෙන්නේ කොහොමද කියලා ඔබ කුතුහලයක් ඇතිවුණ කෙනෙක් නම් මේ ලිපිය ඒ සඳහා හොඳ අවස්ථාවක් වනු ඇති.

 

විභ්‍රමණේක්ෂය (ගයිරොස්කෝප්)

 

                     විභ්‍රමණේක්ෂය භාවිත වන පරිගණක ක්‍රීඩාවක්

 

සිංහල නමට වඩා ගයිරොස්කෝප් (gyroscope) ලෙස නිතර දකින්නට ලැබෙන, පැනරෝමා සහ අංශක 360 ඡායාරූප ගන්නට බෙහෙවින් ඉවහල් වන මේ සංවේදකය අපි දුරකථනය සමඟ ගෙවන එදිනෙදා ජීවිතයට බෙහෙවින් උපකාර කරන කෙනෙක්. ඔබ කාර් ගේම් ගහනවා නම් සුක්කානම වගේ ෆෝන් එක ඒ අතට – මේ අතට හරවනකොට මේ සංවේදකයත් ඉවහල් වෙන බව දැනගෙන ඉන්නට නැතිව ඇති. එනම්, අවකාශය තුළ චලනය නොවී සිදුවන භ්‍රමණයේදී එය හඳුනාගන්නට භාවිත වන්නේ ගයිරොස්කෝප් එක යි.
භූමියේ සිට ඇති උස මැනීමට භාවිත වන උච්චාමාන (Altimeters) වල ද භාවිත වන මෙම සංවේදක ගුවන්යානාවල ගුවන් ගතව සිටින උස සහ හැරී ඇති ආකාරය (අානතිය) දක්වනවා. චිත්‍රපටවල ඔබ ගුවන් යානා අනතුරු දැක ඇත්නම් වේගයෙන් භ්‍රමණය වන මීටරයක් ඒවායේ පෙන්වන ආකාරය දැක ඇති. ඒ, ගයිරොස්කෝප් එක යි. දුරකථනවලදී එවන් චලන හඳුනාගැනීම නිසා තමයි ඔබ දුරකථනය ඇලකර ඡායාරූපයක් ගත්තත් ගැලරියෙන් එය නරඹද්දී එය කෙළින් අතට ම පෙන්වන්නේ. ඒ වගේ ම අත හෙල්ලීමෙන් සිදුවන ඡායාරූප දෝෂ වළක්වන්නට ද බොහෝ දුරකථන මෙම සංවේදකයේ පිහිට ලබා ගන්නවා.

                                               ගලවන ලද ගයිරොස්කෝප් උපාංගයක්      


 සාමාන්‍ය ගයිරොස්කෝප් උපකරණ ඉතා විශාල නමුත් දුරකථනය තුළ ඇති ඒවායේ තිබෙන්නේ මයික්‍රො-ඉලෙක්ට්‍රො යාන්ත්‍රික-පද්ධතිවලින් සැකසූ ඒවා යි. ඒ නිසා දුරකථන පුවරුවේ සිහින්ව රැඳෙන්නට මේ සංවේදකයට අවස්ථාව ලැබෙනවා. ප්‍රථම වරට මෙම තාක්ෂණයට මහත් ආන්දෝලනයක් ලැබුණේ 2010දී iPhone 4 දුරකථනයේ භාවිත වීමත් සමඟ යි. ඊට පෙර දුරකථනයක හැරවුණු දිශාව හරියටම හඳුනාගැනීම සිහිනයක් ව පැවතියත් අද වනවිට එය සැබෑවක් වී හමාරයි.

                                            පරිගණක ක්‍රීඩාවක් සඳහා ත්වරණමාන ආදර්ශනය    


ශරීර සුවතා උපාංගවල (fitness trackers) සහ ස්මාර්ට් දුරකථනවල බහුලව දකින්නට ලැබෙන ඇක්සලරොමීටරය (Accelerometer) අක්ෂ මත පදනම් වූ ත්වරණ සංවේදනයක් ලබාගැනීමට උපකාරී වෙනවා. මෙය දුරකථනයේ අවකාශය තුළ ත්වරණයන් පිළිබඳ සංවේදන ලබාගන්නවා.
අපට කොයි මොහොතේත් දැනෙන ත්වරණය වන ගුරුත්වාකර්ෂණය සෑම විටම පහළට පවතිනවා යන උපකල්පනය අැසුරින් දුරකථනය හැරවී ඇති ත්‍රිමාණමය දිශාව නිමානය කරන්නටත් මෙයට හැකි නිසා තරමක් දුරට ගයිරොස්කෝප් එකක් වගේ ක්‍රියා කරන්නත් මෙයට පුළුවන්. අැත්තෙන්ම ගයිරොස්කෝප් නැති, මිලෙන් අඩු උපාංග මේ උපාය යොදා ගන්නවා.
කොහොම නමුත් විවිධ අාකාරයට චලනවලට ලක් වෙනකොට (උදා: වංගු සහිත පාරක ගමන් කරන වාහනයක් තුළ) උපාංගයට බලය දැනෙන දිශාව වෙනස් වෙනවා. එවිට ගුරුත්වාකර්ෂණය පහළට පවතිනවා කියන නිගමනය වැරදෙනවා. අඩු මිල උපාංගයකින් වාහනයක යන අතරේ කාර් ගේම් ගහන එක අපහසු වන්නේ මේ නිසයි.
ඇක්සලරොමීටරය නිසා තමයි ශරීර සුවතා පළඳනාවක් නැතිව වුණත් Google Fit වැනි ඇප්වලට අපේ පියවර ගණනය (Step count) ලබාගන්නට හැකියාව ලැබෙන්නේ. ඒ වගේ ම සිතියම් ඇප්වල (Google / Apple Maps ආදියේ) අපි ගමන් කරද්දී කුඩා තිතකින් අපේ චලනයන් පෙන්වන්නට හැකි වෙන්නේ (GPSවල ද සහාය ද ඇතිව) ඇක්සලරොමීටරය නිසා යි. පොකෙමොන්, ගූගල් ට්‍රාන්ස්ලේට්, ස්නැප්චැට් වැනි වර්ධිත තථ්‍යතා (Augmented Reality) ඇප්වල ද මෙය භාවිත වෙනවා.

                                 ගලවන ලද ඇක්සලරොමීටරයක්

 

 මෙම සංවේදකය සැකසී තිබෙන්නේ ක්ෂුද්‍ර ස්ඵටික අංශුවලින්. දුරකථනය ත්වරණයන්ට ලක් වීමේදී එම අංශුවල සිදුවන චලනයන් නිසා ඇතිවන වෝල්ටීයතා වෙනස මැනීම මගින් තමයි දුරකථනය චලනය වන වේගය සහ යොමුවී ඇති දිශාව හඳුනාගනු ලබන්නේ. ෆෝන් එක කෙලින් අතට තිබී හරස් අතට (Landscape) හැරවූ විට තිරය හෝ වීඩියෝ එකත් ඒ අතට ම හැරෙන්නේ දුරකතනයට ගුරුත්වාකර්ෂණ බලය දැනෙන දිශාව වෙනස් වූ බව සංවේදනය වන නිසා යි.

 

චුම්බකමානය (මැග්නිටෝමීටරය)

                                             මාලිමා යෙදුමක්

 

අභ්‍යන්තර චුම්බකමය වෙනස්වීම් මත ඇතිවන වෝල්ටීයතා වෙනස්කම් අනුව උතුර හඳුනාගෙන ඒ බව දුරකථනයට දැනුම් දෙන සංවේදකය තමයි මැග්නිටෝමීටරය කියන්නේ. ගූග්ල් හෝ ඇපල් මැප්ස් විවෘත කළා ම එහි ඔබ හැරී සිටින චුම්බක දිශාව දැක්වීම සිදුකරන්නට උපකාරී වන්නේ මේ සංවේදකය යි. ඒ කියන්නේ, අපිට උතුර-දකුණ මාරු වුණා ම මෙයා නිතර අවශ්‍ය වෙනවා.
මාලිමා යන්ත්‍ර සහිත ඇප්වලත් ප්‍රධාන වශයෙන් ම භාවිත වෙන්නේ මේ සංවේදකය යි. හමුදාව හෝ වෙනත් පුද්ගලයන් පොළොව යට ඇති ලෝහමය ද්‍රව්‍ය සොයාගන්නට භාවිත වන ලෝහ අනාවරක (metal detectors) මුහුදු වෙරළ ආශ්‍රිතව භාවිත කරන ආකාරය ඔබ චිත්‍රපටවලදී හෝ දැක ඇති. ඒවායේ භාවිත වන්නේ ද චුම්බකමාන සංවේදක යි.
ලෝහවලට එරෙහිව ඇතිවන බලය මත ගොඩනැගෙන වෝල්ටීයතා වෙනස්කම නිසා මෙම හඳුනාගැනීම සිදුවෙනවා. ලෝහ අනාවරක සහිත ඇප්ස්නුත් ඔබට ඕනෑ තරම් සොයා ගන්නට පුළුවන්. දුරකථනයේ චුම්බකමානය පොළොව ගැඹුරේ ඇති දෙයක් සොයාගන්නට තරම් ප්‍රබල නැතත් ඔබේ මේසය මත තිබෙන පැන්සලේ ලෝහ අඩංගු ද කියලා පෙන්වන්නට සහ හුදෙක් විනෝදයක් ලබන්නට නම් එය ප්‍රමාණවත්.


GPS සංවේදකය

 කෘත්‍රිම චන්ද්‍රිකා කිහිපයක් භාවිතයෙන් පිහිටීම නිර්ණය කරන ආකාරය

 

විශ්ව ස්ථානගත පද්ධතිය හෙවත් ග්ලෝබල් පොසිෂනිං සිස්ටම් එක නිසා තමයි අපි යන එන තැන් ඉතා පහසුවෙන් දැනගන්නට අද හැකියාව ලැබී තිබෙන්නේ. චන්ද්‍රිකා තාක්ෂණය දුරකථනයට ගෙන එන මෙම සංවේදක පද්ධතිය ලෝකේ මොන කැළෑවේ හිටියත් මොබයිල් ඩේටා භාවිත නොකර ඔබ සිටිනා ස්ථානය හිසට ඉහළින් තිබෙන චන්ද්‍රිකා කිහිපයකින් ලැබෙන GPS සංඥා භාවිතයෙන් ගණනය කර පෙන්වන්නට සමර්ථ වෙනවා.
ඉස්සර කොළේක ඇඳපු සිතියමක් බලන්න මාලිමාවක් ඒක උඩින් තියලා, සිතියමේ උතුර හොයාගෙන ඒක සත්‍ය උතුරට ගලපලා ඔබ හැරිලා සිටින ස්ථානය බලලා ඊට පස්සේ සිටින ස්ථානය අක්ෂාංශ දේශාංග වලින් අමාරුවෙන් කොටුවල තිබෙන ඉරිවලින් බලලා ඉන්න තැන සොයා ගනිද්දී වලහෙක් ඇවිත් රහසක් නොකියා ම අවසන් ගමන් යවලා හමාරයි. ඒත් තත්පර ගණනක කාලයකින් පෘථිවි තලය තුළ ත්‍රිමාණ ම ය අවකාශයක් තුළින් ඔබ සිටිනා ස්ථානය ගණනය කොට ගූගල් මැප්ස් හෝ ඇපල් මැප්ස් මත පෙන්වන්නට GPS උපකාරී වෙනවා.
එනමුත් ඝන වළාකුළු ඇති අවස්ථාවන්හි දී සහ ගොඩනැගිලි තුළ සිටින විට මෙය අසාර්ථක වීමේ අවදානමකුත් නැතුවා නොවෙයි. එවැනි අවස්ථාවලදී දුරකථන කුළුණු හෝ Wi-Fi සංඥා පැමිණෙන මූලාශ්‍ර අැසුරෙන් දළ පිහිටීම සොයා ගෙන GPS එකේ වැඩේ පහසු හා වේගවත් කරවන A-GPS කියා සේවයකුත් තිබුණත් එ් සඳහා නම් ඩේටා අවශ්‍ය වෙනවා. A-GPS සේවාව සක්‍රීය කර අැති විය තත්පර දෙක තුනකින්ම පිහිටීම සොයා ගන්න පුළුවන්.
මොබයිල් ඩේටා භාවිත නොවී ස්වාධීනව ක්‍රියා කරනු ලබන නිසා මෙමඟින් බැටරි බල හානිවීම ටිකක් වැඩිපුර සිදු වෙනවා. බොහෝ බල සුරැකුම් ඇප්වලින් GPS ක්‍රියා විරහිත කරන ලෙස අපට කියන්නේත් ඒ නිසාවෙන්. අත් පළඳනා වැනි කුඩා උපාංගවලට GPS යොදන්නට නිෂ්පාදකයන් පසුබට වන්නේත් මේ කාරණය නිසා යි.
වේගමාපක ඇප්වලදී ඔබේ වාහනයේ වේගය දුරකථනය මත පෙන්වන්නේත් GPS සංවෙිදකය අැසුරෙන්. තත්පරයක් වැනි කුඩා කාලයක් තුළ දුරකථනයේ පිහිටීම වෙනස් වීම මේ සඳහා යොදා ගැනෙනවා. ඇක්සලරොමීටරය භාවිතයෙන් මෙහි නිවැරදිභාවය වැඩි කර ගන්න පුළුවන්.

 නැතිවම බැරි අනෙකුත් සංවේදක

 Samsung දුරකථනවල *#0*# ලෙස ඇමතුම් ගන්නා Dialer එකේ ටයිප් කළ විට සංවේදක ක්‍රියාකාරීත්වය බලන්න පුළුවන්

 

සමීපත්ව (ප්‍රොක්සිමිටි) සංවේදකය

 ප්‍රොක්සිමිටි සංවේදකය නිසා තමයි ඔබ දුරකථනයට ඇමතුමක් ආවාම කනේ තබාගත්විට තිරයට ස්වයංක්‍රීයව ක්‍රියා විරහිත වන්නටත්, නැවත තිරය දෙස බලද්දී සක්‍රීය වන්නටත් හැකියාව ලැබෙන්නේ. දුරකථනයේ ඉදිරිපස ඉහළ කොටසේ තිබෙන කළු පැහැති තිත් රාශියෙන් එකක් වන මෙය අධෝරක්ත ආලෝක කදම්බයක් භාවිත කරමින් මේ දස්කම දක්වනවා. එම ආලෝක කදම්බය නැවත පරාවර්තනය වන අතර ඔබ දුරකථනය කණේ තැබුවාම එය වඩාත් හොඳින් පරාවර්තනයවී නැවත සංවේදකයට ලැබෙනවිට දුරකථනය ආවරණයවී ඇති බව හඳුනාගන්නවා. වැසිය හැකි කවර සහිත දුරකථනවල කවරයේ වැසීම/හැරීම අනුව තිර සක්‍රියතාව වෙනස් වන්නේ ද ඒ ආකාරයෙන්.

 

පරිසර ආලෝක සංවේදකය

 

දුරකථනය ඉදිරිපස ඉහළින් ඇති මෙම සංවේදකය නිසා ස්වයංක්‍රීයව තිර දීප්තිය වෙනස් කරගැනීමේ හැකියාව ලැබෙනවා. Brightness වෙනස් කිරීමට ඇති ස්ථානය ඉදිරිපස ඇති Auto අවස්ථාව සක්‍රීය කළ විට මෙම සංවේදකය භාවිතයෙන් හිරු එළිය වැඩි ස්ථානයක ඔබ සිටිනවා නම් තිර දීප්තිය වැඩි කරලන අතර අඳුරේදී තිර දීප්තිය අඩු කරලනවා.
මීට අමතරව ඇතැම් දුරකථනවල උෂ්ණත්වමානයක්, ආර්ද්‍රතාමානයක්, හෘද ස්පන්දන මානයක් හා බැරෝමීටරයක් ඇතුළු සංවේදක ගණනාවක් තිබෙන්න පුළුවන්.

 

Friday, August 4, 2017

CPR TRANING CENTER: ජංගම දුරකථන අලුත්වැඩියා පුහුණු පාඨමාලාව සදහා සිසුන...

CPR TRANING CENTER: ජංගම දුරකථන අලුත්වැඩියා පුහුණු පාඨමාලාව සදහා සිසුන...: �� �� �� ��   ජංගම දුරකථන අලුත්වැඩියා පුහුණු පාඨමාලාව සදහා සිසුන් බදවා ගැනීම දැන් සිදු කෙරේ .... පළමු දින නොමිලේ වන අතර පළමු දින කිසිදු මුද...

ජංගම දුරකථන අලුත්වැඩියා පුහුණු පාඨමාලාව සදහා සිසුන් බදවා ගැනීම දැන් සිදු කෙරේ

📱📱📲📲 ජංගම දුරකථන අලුත්වැඩියා පුහුණු පාඨමාලාව සදහා සිසුන් බදවා ගැනීම දැන් සිදු කෙරේ....පළමු දින නොමිලේ වන අතර පළමු දින කිසිදු මුදලක් අය නොකෙරේ. ඔබත් පැමිණ වෙනස වටහා ගන්න.
0777364490
ඔබේ දුරකථනය Smart දුරකථනයක් වුවත් Normal දුරකථනයක් වුවත් ජංගම දුරකථනයක් භාවිතා කරන ඔබ සදහා ඉතා වැදගත් වන අතර මෑත යුගයේ සුළු මුදලක් යොදවා ඉහල අදායමක් ලබා ගත හැකි සාර්ථක අදායම් මාර්ගයකි.📱📱📲📲
පුහුණුවෙන් පසු නොමිලේ උපකරණ කට්ටලයක්,දුරකථන වලට අවශ්‍ය Softwares,Flash Files,Tutes සමගින් මසකට ඔබේම ව්‍යාපාරයක් ලෙස 100,000 කට වැඩි අදායමක්....
රැකියා සොයන ඔබ සදහාම පුහුණුවෙන් පසු ස්ථිර රැකියාවක් සමගින් ඉහල අදායමක්....📱📱📲📲
නව පන්ති ආරම්භය දැන ගැනීමට විමසන්න
0777364490
👉👉🙏🙏🤑👉👉🙏🙏🤑